ඉබි පැටියා
ලියන්නේ ගීතිකා
සෙනෙවිරත්න.
අඳින්නේ ජයන්ත රන්දෙනිය
කතෘ ප්‍රකාශනයක් ලෙස
එළිදකින ඉබිපැටියා ළමා කතාව සාමාන්‍ය යෙන්
3 හා 4 ශ්‍රේණිවල
සිසුන් ගේ කියවීම් මට්ටම ස්පර්ශ කරයි. ලංකාවේ සාමාන්‍ය යෙන් දක්නට ලැබෙන කොයි ළමයාටත් සුදුසු මොඩලයන් ලෙස දක්වන
එහෙත් මොනම ළමයෙකුටවත් නොගැලපෙන ළමා කතාන්දර මොඩලයෙන් ඉවත්වීමට ගෙන ඇති ප්‍රයත්නය
අගය කල යුතුය.
මෙම කෘතිය සඳහා චිත්‍ර
නිර්මාණය කරමින් ජයන්ත රංදෙනිය කෘතිය උදෙසා මහඟු මෙහෙවරක් ඉටු කරයි.මෙහි එන ඉබි
පැටියා චිත්‍රය උසස් ළමා සාහිත්‍ය වටිනාකමකින් යුක්ත බව පෙනේ. දරුවන් ප්‍රිය කරන වර්ණ යොදාගනිමින් සහ අදාල පරිදි
අන්තර්ගතය හා රූපය එකම පිටුවට ගලපා ගනිමින් චිත්‍ර යොදා ඇත. එකම බයිසිකලය
බෙදා හදා ගැනීම, දුකේදී එක්ව විසඳුම් සෙවීම, වැනි සමාජමය අගයයන් අත්සාහයකින් තොරවම
නිරූපණය වේ. දරුවා ඉබි පැටියාගේ
රුචිකත්වයන් සොයාගැනීමට දරන උත්සාහය හොඳින් නිරූපණය වි ඇති බව පැවසිය යුතුමය.
මෙහි අන්තර්ගතය තුල එන මං සලකුණු සොයා ඉබි පැටියාගේ
ආගමනය දරුවන්ගේ විවේචනයට ලක්විය හැකියයි මේ ලියන මා සිතූ නමුදු පරීක්ෂාවට ලක්වූ
සිසුන් අතරින් එවන් ප්‍රතිචරෙ නොලද බවද සටහන් කරමි.
ආර්. හච්. එන්. නන්දසිරි
R H N Nandasiri
Research Team member of National Institute of Library and Information
Science, University of Colombo
DDE , School Library
development Unit, Ministry of Education

No comments:
Post a Comment