මුහුද සහ දෝණි
කෘතියේ චිත්‍ර සම්බන්ධයෙන් ගත්කල නිසල
මුහුද, රළු මුහුද, වේදිකාව මත දර්ශණ, ජයග්‍රහණයේ සතුට කෘතඥතාව දැක්වීම ආදිය ඉහල
මට්ටමේ ළමා පොත් සැකසීමේ කුසලතා පෙන්වයි.මාවෙත ලැබුණු පිටපත තරමක ඉහළ වර්ණ
ඝනත්වයකින් යුක්තවූ බවද පෙනෙන්නට තිබුණි.මේ තත්වය දිගින් දිගට පැවතුනහොත් එය
ළමුන්ගේ ආකර්ශණය අඩුවීමට හේතුවිය හැක. හැීම් නි‍්රූපණය නොවීම එකම චිත්‍රය දෙවරක් යොදාගැනීම වැනි දුර්වලතා නිසා
පොතේ අන්තර්ගතය තීව්‍ර කිරීමට අපොහොසත් වී ඇතුවා මෙන්ම කෘතියට අසාධාරණයන්
සිදුවී ඇතැයි පෙනේ. හක් ගෙඩියක හුදකලා චිත්‍රය සජීවීබවින් තොර හැගීම් දැනවිය
නොහැකි චිත්‍රහක් බවට පත්වී ඇත
කතාන්දරයේ ගලායාම පිළිබදවද විශේෂත්වයක්
පෙනේ.මුළු කතාන්දරයම ගෙතෙන්නේ හඩ හෙවත් පරිසරයේ නිපදවෙන නාද රටා පසුබිම් කරගනිමිනි.අත්දුටු
දරුවකු මෙම කතාන්දරය වින්දනය කරනු ඇත. එහෙත් මුහුද ආසන්න අත්දැකීම් විරල දරුවකුට
වින්දනයේ දුෂ්කරතාවයක් මතුවනු ඇතැයි සිතේ.කතාන්දරයේ ගලායාම ආරම්භ වී සුළු
වේලාවකින් ප්‍රධාන චරිතය අසනීප කිරීමෙන් කතාකරුවා යමක් උපයාගත්තේද යන්න සැක සහිතය.
මෙහි මා දකින සුවිශේෂතාවක් නම් ඉලක්කගත කණ්ඩායමකට ආමන්ත්‍රණය කිරීමයි( 4 5 ශ්‍රේණි).
එය ලමා කෘතීන් සම්බන්ධයෙන් සාධනීය ලක්ෂණයකි.
චර්තායනයේදී සියළු චරිත ස්ත්‍රීවාචී
ස්වරූපයකින් ඉදිරිපත් කිරීම සිදුවී ඇත. මෙය අදාල වයස් කාණ්ඩයේ පිරිමි දරුවන්
කෙරෙහි බලපාන ආකාරය විමසා බැලිය යුත්තකි. දෝණි යනු වැඩිහිටියන්ගේ වචනයකි. එනමින් චරිතයක් නම්
කිරීමෙන් දරුවන් කෙරෙන් චරිතය දුරස් කිරීමට හේතුවක් ද විය හැකිය.
මෙහි කතා සංදර්භය තුල විස්තර වන “ වැස්සට
පෙර අහස“ “සුදු හදුන් පිරවූ රෙදි කෑල්ල“
ඔවුනට ඉගෙණුම් අත්දැකීම් ලබා දෙනු ඇත.
අවසාන වශයෙන් “මුහුද සහ දෝණි“ හි භෞතික
ස්වභාවය සම්බන්ධයෙන් සදහන් කරමි. එය ඝන පිටකවරයක් හා ඔප කඩදාසි යොදා ඉහල නිමාවකින්
අවසන් කර ඇත. මෙම ළමා පොත උසස් මට්ටමක ඇතිබව මගේ සමස්ත හැගීමයි.
