Friday, February 22, 2013

Muhuda saha Doni



මුහුද සහ දෝණි
 Thanija Ayagama2012 වසරේ හොඳම ළමා නිර්මාණය අපට දායාද කළ තනුජා එන් අයගම ගේ අළුත්ම කතාන්දර පොත පසුගිය දා කලඑළි දක්වා ඇත. වෙරළාසන්න පරිසරයක දිරිය දියණියකගේ සංගීත කුසලතාවය වර්ධනය සඳහා වටපිටාවේ නැතහොත් ස්වභාව ධර්මයේ දායකත්වය මොනවට විදහා පාමින් මේ කෘතිය රචනා කර ඇත. පිටු දෙකක් පුරාවට විහිදෙන සිතුවමකට වචන පේළි දෙක තුනකින් සෞන්දර්ය සහ කුතුහලය දනවමින් අපහසුවකින් තොරව පාඨකයා කෘතියේ අභ්‍යන්තරයට කැඳවා යයි. ක්‍රමයෙන් වචන අන්තර්ගතය වැඩි කරමින් පාඨකයා ප්‍රධාන චරිතය තුල ජීවත් කරවයි. අනවරත  උනන්දුව හා නොපසුබට උත්සාහය චරිතය තුලට රිංගවා ඇත්තේ ස්වභාව සංසිද්ධීන් ප්‍රධාන චරිතයේ උදව් කරුවන් ලෙස හුවා දක්වමිනි. බොහෝ කෘතිවලදී වැඩිහිටියන් හෝ ගුරුවරුන් ලවා අමු අමුවේම කියවනු ලබන උපදේශ මෙහි අඩංගු නොවූවද පරිසරය කෙරෙහි කුළුගැන්වෙන ආදරය සහ අවධානයෙන් සිටීමේ ආදීනව ප්‍රධාන චරිතය තුල ජීවත්වෙන දරුවාට ඉබේම ආරෝපණය වේ. කථන භාෂාව අමු අමුවේම යොදා නොගෙන ව්‍යාකරන හා භාෂා සංයමයන් යොදා ගනිමින් කතාන්දර කියන ආකාරයෙන් ඉදිරිපත් කර තිබේ, කෙටි වාක්‍ය හා වාක්‍ය ඛණ්ඩ යොදාගනිමින්  කතා රිද්මය ඉදිරියට ගෙනයාම අපූර්වත්වයකින් යුක්තයි.ළමා කතාකරුවකුගෙන් අධාපනඥයින්බලාරොත්තු වන වචනකෝෂය පෝෂණය කිරීම සම්බන්ධයෙන්ද කතුවරයා සිය යුතුකම ඉටුකර ඇත. “තත්සර“  “ම්ණි කිංකිණි“  “හක්ගෙඩිය“ ඉන් සමහරකි.එවැනි හදුන්වාදෙන අඵුත් වචන අඩු ප්‍රමාණයක් තිබීමද ළමා පොතක   හො ලක්ෂණයකි.
කෘතියේ චිත්‍ර සම්බන්ධයෙන් ගත්කල නිසල මුහුද, රළු මුහුද, වේදිකාව මත දර්ශණ, ජයග්‍රහණයේ සතුට‍ කෘතඥතාව දැක්වීම ආදිය ඉහල මට්ටමේ ළමා පොත් සැකසීමේ කුසලතා පෙන්වයි.මාවෙත ලැබුණු පිටපත තරමක ඉහළ වර්ණ ඝනත්වයකින් යුක්තවූ බවද පෙනෙන්නට තිබුණි.මේ තත්වය දිගින් දිගට පැවතුනහොත් එය ළමුන්ගේ ආකර්ශණය අඩුවීමට හේතුවිය හැක. හැීම් නි‍්රූපණය නොවීම‍  එකම චිත්‍රය දෙවරක් යොදාගැනීම  වැනි  දුර්වලතා නිසා  පොතේ අන්තර්ගතය තීව්‍ර කිරීමට අපොහොසත් වී ඇතුවා මෙන්ම කෘතියට අසාධාරණයන් සිදුවී ඇතැයි පෙනේ. හක් ගෙඩියක හුදකලා චිත්‍රය සජීවීබවින් තොර හැගීම් දැනවිය නොහැකි චිත්‍රහක් බවට පත්වී ඇත‍
කතාන්දරයේ ගලායාම පිළිබදවද විශේෂත්වයක් පෙනේ.මුළු කතාන්දරයම ගෙතෙන්නේ හඩ හෙවත් පරිසරයේ නිපදවෙන නාද රටා පසුබිම් කරගනිමිනි.අත්දුටු දරුවකු මෙම කතාන්දරය වින්දනය කරනු ඇත. එහෙත් මුහුද ආසන්න අත්දැකීම් විරල දරුවකුට වින්දනයේ දුෂ්කරතාවයක් මතුවනු ඇතැයි සිතේ.කතාන්දරයේ ගලායාම ආරම්භ වී සුළු වේලාවකින් ප්‍රධාන චරිතය අසනීප කිරීමෙන් කතාකරුවා යමක් උපයාගත්තේද යන්න සැක සහිතය. මෙහි මා දකින සුවිශේෂතාවක් නම් ඉලක්කගත කණ්ඩායමකට ආමන්ත්‍රණය කිරීමයි( 4 5 ශ්‍රේණි). එය ලමා කෘතීන් සම්බන්ධයෙන් සාධනීය ලක්ෂණයකි.
චර්තායනයේදී සියළු චරිත ස්ත්‍රීවාචී ස්වරූපයකින් ඉදිරිපත් කිරීම සිදුවී ඇත. මෙය අදාල වයස් කාණ්ඩයේ පිරිමි දරුවන් කෙරෙහි බලපාන ආකාරය විමසා බැලිය යුත්තකි. දෝණි  යනු වැඩිහිටියන්ගේ වචනයකි. එනමින් චරිතයක් නම් කිරීමෙන් දරුවන් කෙරෙන් චරිතය දුරස් කිරීමට හේතුවක් ද විය හැකිය.
මෙහි කතා සංදර්භය තුල විස්තර වන “ වැස්සට පෙර අහස“ “සුදු හදුන් පිරවූ රෙදි කෑල්ල“  ඔවුනට ඉගෙණුම් අත්දැකීම් ලබා දෙනු ඇත.
අවසාන වශයෙන් “මුහුද සහ දෝණි“ හි භෞතික ස්වභාවය සම්බන්ධයෙන් සදහන් කරමි. එය ඝන පිටකවරයක් හා ඔප කඩදාසි යොදා ඉහල නිමාවකින් අවසන් කර ඇත. මෙම ළමා පොත උසස් මට්ටමක ඇතිබව මගේ සමස්ත හැගීමයි.