Sunday, July 21, 2013

Dangakara Mora Petiya

දඟකාර මෝර පැටියා

ලියන්නේ  උපුල් ගුරුගේ     අඳින්නේ චන්දන සමරකෝන්


වයස අවුරුදු අටක මට්ටමේ හෝ දක්ෂ ළමයින් නම් ඊට අඩු වයස් මට්ටමක් සඳහා වුවද ඉදිරිපත් කළහැකි  ළමා පොතක් ලෙස මෝර පැටියා හඳුන්වා දිය හැක. මුහුදු පතුල පසුතලය කරගත් කතාන්දරයක් වන මෙහි කථා වස්තුව තේරුම් ගැනිම දරුවා ගේ ජීවන පරිසරය මත තරමක් රඳා පවතී. එනම් මුහුද පිළිබඳ අත්දැකීම් ඌණ දරුවන් මෙම පොත  ප්‍රතික්ෂේප කිරීමට ඉඩ ඇත. මෙහි එන කථා වස්තුව මානව සමාජයේ සිද්ධි මාලාවක් මත්ස්‍ය චරිත උපයෝගී කරගනිමින් හුවා දැක්වීමට කරන ලද උත්සාහයකි. අදාල පරිසරයට මනසින් ලඟාවීමට හැකියාව ඇති දරුවන්ට විචිත්‍ර ව ගලායන කතාන්දරයකි.උච්ඡතම අවස්ථාව තෙක් හොඳින් ගලායන කතාන්දරය ුවසාන මොහොතේදී අහඹු අනුකම්පාවක් නිසා කථානායකයා(මෝර පැටියා) බේරා ගැනීමට ලේඛකයා යොමුවී ඇත. කෙසේ නමුදු බූවල්ලා ආච්චියෙක් ලෙස දෙන දායකත්වය  එතරම් අදාල නොවන බව පෙනේ.
විශිස්ඨ චිත්‍ර රාහියකින් යුක්තවන නිසා මෙන් ම ඉලක්ක කණ්ඩායම රූප කියවීමට කැමති වයස් මට්ටමක වන  නිසා චිත්‍ර ශිල්පියා මෙම පොතට ඉමහත් සේවයක් ඉටුකරයි.වර්ණ සංකලනය හා පිටු සැලැස්ම  ආකෘතිය අසස් මට්ටමක ඇත.
යොදා ගත් වාක්‍ය තරමක් දිගු වීම දුර්වල ලක්ෂණයකි. එහෙත් යෙදාගත් කථන භාෂාව නිසා එයින් සිදුවන බලපෑම තරමක් නිශේධ වී තිබේ. භාෂාව හොඳින් හසුරුවා ඇතද අභියෝග හෝ නව්‍ය වචන හඳුන්වා දී නැත.පොතෙහි නිමාව  හා අන්තර්ගතය සැලසුම් කිරීම  ඉතා හොඳ මට්ටමක පවතී.  පිට කවරයේ යොදාගත් කවුලුව  වඩාත් ආකරෟශණීය බවක් එක්කර ඇත.

සමස්ත වශයෙන් ගත්කල දරුවන්ට කියවිම සඳහා මිළදී ගැනීමට සුදුසු පොතක් ලෙස සැළකිය හැකිය.





Symposium on Information Literacy was conducted by National Institute of Library and Information Science on July 12th. This  paper presented at the conference